2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ස්වාධීන කොමිෂන් හතක් අහෝසියි

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 47

දේශපාලන වාර්තාකරු I

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා 7ක් අහෝසි වීමට නියමිතය. ඒ වෙනුවට නව කොමිෂන් සභා පත්කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත වූ පසු සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ අහෝසි වීමට නියමිත වන්නේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම, මුදල් කොමිසම හා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසමයි.

මෙම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් සහ සභාපතිවරුන් පත්කිරීම මෙන්ම අලුතෙන්ම පිහිටුවන ජාතික විගණන කොමිසම සඳහා ද සභාපතිවරයකු හා සාමාජිකයන් පත්කිරීම ඉතා ඉක්මනින් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙතෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුව තිබූ පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම් හා විනය පාලන කටයුතු ජාතික පොලිස් කොමිසමට පැවරීම නව සංශෝධනයේ තවත් අරමුණකි.