2022 නොවැම්බර් 06 වන ඉරිදා

ස්ථාවර තැන්පතුවලට ගෙවන පොලිය අසාධාරණයිලු!

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 100

ව්‍යාපාරික වාර්තාකරුI
මහා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලිය 31%ත් 34%ත් අතර පවතිද්දී රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකුවල ස්ථාවර තැන්පතු හිමියන්ට ඊට සාපේක්ෂ පොලියක් නොගෙවීම බලවත් අසාධාරණයක් බව ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන ගණනාවක නියෝජිතයෝ දේශයට පැවසූහ.

 

බොහෝ වාණිජ බැංකු ස්ථාවර තැන්පතු සඳහා දැන් ගෙවනු ලබන පොලී අනුපාතය 25% කටත් වඩා අඩුය. එහෙත් ඔවුන් ණය සැපයීමේදී හෝ බැංකු අයිරා පහසුකමට (OD පහසුකමට) 35% කටත් වඩා අධික පොලියක් අය කරනු ලබයි. ක්‍රෙඩිට් කාඩ් (ණය පත්) වල පොලිය 36%ක් ලෙස නියම කර තිබේ. මෙම තත්ත්වය අසාධාරණ බව පවසන ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය වාණිජ හා පෞද්ගලික වාණිජ බැංකු ලවා ස්ථාවර තැන්පතු හිමියන්ට සාධාරණ පොලියක් ගෙවීමට මැදිහත් විය යුතු බව සඳහන් කරයි.