2022 නොවැම්බර් 06 වන ඉරිදා

දේශපාලන දීගය කා එක්කද? ඩලස් පිල බෙදෙයි.

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 100

සංජීවිකා සමරතුංග I

ඉදිරි මැතිවරණවලදී තමන් සන්ධානගත වන්නේ කවර කණ්ඩායමක් සමඟ ද යන්න ගැන ජාතික නිදහස සභාව (ඩලස් පිල) තුළ මත ගැටුමක් හටගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.

එක් මන්ත්‍රී කණ්ඩායමක් ඩලස් පිල ඉදිරි මැතිවරණයකදී සන්ධානගත විය යුත්තේ සමගි ජන බලවේගය සමඟ බව දැනුම් දී ඇත. මෙම කණ්ඩායමට ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු මන්ත්‍රී පිරිසක් සහාය දෙති. ඩලස් පිල විමල්, උදය කණ්ඩායම (උත්තර ලංකා සභාගය) සමඟ සන්ධාන ගතවිය යුතු බව මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු මන්ත්‍රී පිරිසක් සඳහන් කරන බව වාර්තා වෙයි. මේ නිසා ඩලස් පිල ඉදිරියේදී සන්ධානගත වන්නේ කවර පක්ෂයක් සමඟ ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම පමාවෙමින් පවතින බව දැනගන්නට ඇත