දේශපාලන වාර්තාකරුI
ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. සමාගම් බදු ඉහළ දැමෙන ප්‍රතිශත මේ දිනවල මුදල් අමාත්‍යාංශ බලධාරීහු අධ්‍යයනය කරමින් සිටිති. එහෙත් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී අය කරන ගාස්තුව 50%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දමන බව දැනගන්නට තිබේ.
මේ හැර රජයෙන් නිවාස සැලසුම් අනුමත කිරීම සඳහා අය කරන ගාස්තුද, වෙනත් සේවා සැපයීම සඳහා අය කරන ගාස්තු ගණනාවක්ද මෙම මාසය තුළ ඉහළ දැමෙයි.
රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 65% ක සිට 90% ක් දක්වා ඉහළ දැමීම පිණිස මෙම බදු සහ ගාස්තු පැනවෙන බව සඳහන්ය.