2022 නොවැම්බර් 06 වන ඉරිදා

අයි.එම්.එෆ්. යෝජනා දෙකකට රජය බෑ කියයි!

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 61

දේශපාලන වාර්තාකරු I

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රජයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ආදායම් යෝජනා දෙකක් රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද බව දේශයට වාර්තා වෙයි. මුල්‍ය අරමුදල විසින් මෙම ආදායම් යෝජනා ඉදිරිපත් කර ඇත්තේ දැනට නිදහස් සේවා ලෙස පවත්නා ක්ෂේත්‍ර දෙකක මූලික වියදම පියවා ගත යුතු බවට නිර්දේශ කරමිනි.

ඉන් පළමු යෝජනාව වන්නේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ (OPD) වලින් සිදු කරන ප්‍රතිකාර සඳහා රෝගීන්ගෙන් මුදල් අය කළ යුතු බවට වන යෝජනාවය. රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද දෙවැනි යෝජනාව වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කළ යුතු බවට වන යෝජනාවයි. එහිදී දුප්පත්ම ජනතාවට පමණක් සහන සැලසිය යුතු බව මූල්‍ය අරමුදල කියා ඇත. 

ශ්‍රී ලංකාව ජනතාවට සුභසාධනය සපයන රජයක් ලෙස නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන බැවින් ඉහත ක්ෂේත්‍රවලින් ආදායම් උත්පාදනය කිරීමට අපේක්ෂා නොකරන බව රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.