2022 නොවැම්බර් 06 වන ඉරිදා

වඳුරු උණ කොවිඩ් මෙන් පැතිරෙන්නේ නෑ.

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 44

සුගත් පී. කුලතංගආරච්චි I

වඳුරු උණ රෝගය සමීප ස්පර්ශයෙන් පමණක් බෝවන රෝගයක් නිසා එය කොවිඩ් මෙන් පැතිර යාමේ අවදානමක් නැතැයි ද එනිසා එම රෝගය පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවද බෝවන රෝග පිළිබඳ (අයි.ඩී.එච්) ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම “දේශය" ට කීය.

ලංකාවේ මුල්ම වඳුරු උණ රෝගියා ලෙස හඳුනාගත් ඩුබායි සිට පැමිණි තරුණයෙක් මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. හිසරදය, උණ, මාංශ පේශි වේදනාව, සම මත බිබිලි, වෙහෙස සහ වසා ගැටිති ඉදිමීම රෝග ලක්ෂණ ලෙස පෙන්වන මෙය වෛරස රෝගයකි. මේ වනවිට ලොව රටවල් 106ක් පුරා පැතිර ඇති අතර මරණ 25ක් වාර්තා වී තිබේ. මූලික රෝග ලක්ෂණ පහළ වූ වහාම රෝහල්ගතව පරීක්ෂාවට ලක්වන ලෙස වෛද්‍ය උපදේශයයි. සම මත ඇති බිබිලි හෝ තරල ස්පර්ශය, රෝගියාගේ තුවා, ඇඳ ඇතිරිලි, ඇඳුම් ආදිය භාවිතය, ලිංගික ස්පර්ශය මගින් රෝගය පැතිර යන හෙයින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ව ආරක්ෂක උපක්‍රම භාවිත කරන ලෙසද වෛද්‍ය අංශ උපදෙස් ලබා දෙයි.