I දේශපාලන වාර්තාකරු
පවත්නා තත්ත්වය යටතේ ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශයට පැවසීය.
රජය විසින් ගනු ලැබූ තීරණයක් අනුව පළාත් පාලන මන්ත්‍රීන් සංඛ්‍යාව 8911 සිට 4000 දක්වා අඩු කිරීමට අවශ්‍ය සීමා නිර්ණය කටයුතු දැන් ආරම්භ කර තිබේ. සීමා නිර්ණය කොමිසමට එම කටයුතු නිම කිරීමට ලබා දී ඇති දිනය පෙබරවාරි මස 28දාය.
එදිනම හෝ ඉන් සතියකට පමණ පසු අදාළ අවසන් වාර්තාව ඉදිරිපත් වුවද පළාත් පාලන මැතිවරණය සංවිධානය කොට පැවැත්වීම සඳහා අවම වශයෙන් මාස 2 ½ ක කාලයක් මැතිවරණ කොමිසමට අවශ්‍ය වේ. එනිසා ඇතැම්විට පළාත් පාලන ඡන්දය ලබන ජූනි මාසය දක්වා පමණ කල් යාමට ඉඩ ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් කීය.
එහෙත් මැතිවරණය සඳහා රජය දැනටමත් රුපියල් කෝටි 1000 ක (බිලියන 10ක) මුදලක් වෙන්කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඊට අමතරව පසුගියදා සම්මත කරගත් 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පැවති ස්වාධීන කොමිෂන් සභාවල කාලය හමාර වී ඇති බැවින් ඉදිරියේදී තම කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය ගැන මේ වනවිට නීතිපති උපදෙස් පතා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.