I යසවර්ධන රැද්රිගූ
අසීමිත ලෙස සහල් ආනයනය කිරීම නිසා රසායනික පොහොර තහනමෙන් සිදු කළ හානියට වඩා වැඩි හානියක් වර්තමාන රජය මගින් ගොවියාට සිදු කරමින් සිටින බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසයි.
ඔහු පවසනුයේ රසායනික පොහොර තහනම නිසා රටේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 11ක් හෙවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් අඩු වූ බවය. සහල් ආනයනය කළ යුත්තේ එම ප්‍රමාණය ආවරණය කිරීමට පමණක් නමුත් මේ වනවිට මෙට්‍රික් ටොන් ලක්ෂ 8 කට වැඩියෙන් ආනයනය කර තිබේ. තවදුරටත් ආනයනය කරමින් පවතී.
කවුරැ ලොකු පුටුවල සිටියත් මෙය දිගටම කරගෙන යන අතර, මෙලෙස සහල් ගෙන්වන්නේ සහල් හිඟයක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බව සභාපතිවරයා අවධාරණය කරයි. රටේ විශාල ඩොලර් හිඟයක් තිබියදී මෙලෙස අනවශ්‍ය පරිදි සහල් ආනයනය කිරීම බලවත් අපරාධයක් යැයි ඔහු සඳහන් කළේය.