I ගයාන් ගාල්ලගේ
මේ අයවැය සුබසාධන අයවැයක් නොවේ යැයිද වැටී තිබෙන රට ගොඩගැනීමට ඉදිරිපත් කළ අයවැයක් යැයිද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දේශයට පැවසීය.
මෙය හොඳම අයවැයක් නොවුණත් කඩා වැටුණු රට ගොඩගැනීම සඳහා යෝග්‍ය අයවැයක් බව ඒ මහතා කීය.
විපක්ෂය විසින් අයවැය පරාජය කිරීමට සූදානම් වනවා නම් එය සිදු කළ නොහැකි දෙයක් බවත්, එසේ සිදු කරන්නට හදනවා නම් එය ජනතාවට විරුද්ධව කටයුතු කිරීමක් බවත් ඔහු වැඩිදුරටත් කීය.