දේශපාලන වාර්තාකරුI
රජය කුමක් හෝ දේශපාලන උප්පරවැට්ටියක් මගින් යෝජිත පළාත් පාලන ඡන්දය කල් දැමීමට උත්සාහ කළහොත් එයට එරෙහිව උද්ඝෝෂණ මාර්ගයෙන් මෙන්ම නීතිමය වශයෙන්ද සටනක් දීමට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.
දැනටමත් වසරක් කල් දමා ඇති පළාත් පාලන ඡන්දය තවදුරටත් කල් දැමීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. එබැවින් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සජබ ඊට එරෙහිව ජනතාව සංවිධානය කොට ජනතා සටන් මාර්ගයෙන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් කොට නීති මාර්ගයෙන්ද කටයුතු කළ යුතු බවට දැනටමත් තීරණය කර ඇතැයිද මහ ලේකම්වරයා සඳහන් කළේය.