යසවර්ධන රුද්රිගූ I
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත ප්‍රකාරව ක්‍රියා නොකරමින් අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන් සමඟ එකතුව වංචා දූෂණවල නිරත වී පාරිභෝගිකයන් ගසාකන කොළඹ නගරයේ පිහිටි වෙළෙඳසල් 196ක නාමලේඛනයක් සමඟ ලිපියක් ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් සහ සංවිධාන හතරකින් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙත භාරදී ඇත.
කොළඹ නගරයේ 4 වැනි හරස් වීදිය, 5 වැනි හරස් වීදිය, කෙළින් වීදිය, යෝනක වීදිය, වේල්ලවීදිය, සෙන්ට්‍රල් වීදිය කදිරේෂන් පාර යන ස්ථානවල පිහිටි එම වෙළෙඳසල්වල ව්‍යාපාර ස්වභාවය සහ නම් එයින් ඉදිරිපත් කර තිබේ.
පිටු 15කින් සමන්විත මෙම ලිපිය මගින් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා පිහිටා ඇති ප්‍රාදේශීය කාර්යාලවල සේවයේ නියුතු ඇතැම් නිලධාරීන් විසින් සිදු කරනු ලැබ ඇතැයි කියන වංචා, දූෂණ සහ අවිධිමත් ක්‍රියා රුසක් පිළිබඳ විස්තර ඔවුන්ගේ නම් සහ තනතුරු සහිතව දන්වා යවා තිබේ. මේ ඇතැමුන් අධ්‍යක්ෂ ජනරාල් සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආදී උසස් තනතුරු දැරීමද විශේෂයෙන් කැපී පෙනේ.
ඇතැම් නිලධාරීන් තමන්ට වාසි ලැබෙන සමහර වෙළෙඳසල්වලට එරෙහිව කටයුතු නොකරමින් ඔවුන්ට රිසි සේ පාරිභෝගිකයා ගසාකෑමට අවස්ථාව සලසා දී ඇති බවද පෙන්වා දෙන එම ලිපිය මේ පිළිබඳ වහාම අපක්ෂපාතී විමර්ශනයක් සිදු කර විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියි.