2022 දෙසැම්බර් 04 වන ඉරිදා

ආර්ථික ප්‍රතිසංස්කරණයට සුදුස්සා ආචාර්ය නන්දලාල්- විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 69

ගයාන් ගාල්ලගේ I

මෙරට ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ හැකි විශ්වාසවන්තම පුද්ගලයා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්ව තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික වෙමින් සිදුකළ සමීක්ෂණයක් මගින් මේ බව 
අනාවරණය වී ඇත.

ඒ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කෙරෙහි ජනතා විශ්වාසය 56.6% වන අතර එහි දෙවැනි ස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිනාගෙන ඇත. ජනාධිපතිවරයා වෙත ඇති ජනතා විශ්වාසය 44.5%සඳහන් වේ.
ඊට අමතරව තුන්වැනි ස්ථානය 42.7 ලබාගනිමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, සිව්වැනි ස්ථානය 24.7% ලබාගනිමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ පස්වැනි ස්ථානය 23.1% ලබාගනිමින් පාඨලී චම්පික රණවක විසින් දිනාගෙන ඇත.

ඊට අමතරව සිදුකළ තවත් සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ 56.8%ක් රට හැර යාමට කැමැත්තෙන් පසුවන බවයි. ඊට අමතරව 41.5% රට යාමට අකමැති බවත් තවත් 1.7ක් තීරණයක් නොමැතිව සිටින බවත් එම සමීක්ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ.