I දේශපාලන වාර්තාකරු
මේ වනවිට රාජ්‍ය පාලනය යටතේ ඇති සමස්ත රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යාපාර 420න් ආයතන 52ක් අධික පාඩුපිට පවත්වාගෙන යන බව මුදල් අමාත්‍යංශයේ නවතම වාර්තා පෙන්වා දෙයි.
මෙලෙස අධික පාඩු ලබන රාජ්‍ය ආයතන 52න් වසරකට සිදුවන පාඩුව රැපියල් කෝටි 8600 (බිලියන 86ක්) පමණ වන බවද එම වාර්තාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මැතිසබය දැනුවත් කිරීම සඳහා අදාළ ආයතන ලැයිස්තුව සහ ඒවා ලබන පාඩුව පිළිබඳ පූර්ණ විස්තර ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යංශය පවසයි. මෙයින් අධික පාඩු ලබන ආයතන කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමටද රජය සැලසුම් කර තිබේ.