ගයාන් ගාල්ලගේ I
ආණ්ඩුව හිතුමනාපයට විදුලි බිල වැඩි කළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති එක්ව දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ බවත්, රජය මේ හරහා උත්සාහ කරන්නේ විදුලිය අඩුවට දිය හැකි සමාගමක් වෙත විදුලිබල මණ්ඩලය විකිණීමට බවත් ඔහු සඳහන් කළේය.
එනිසා ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් මීට එරෙහිව ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය.