2022 දෙසැම්බර් 11 වන ඉරිදා

කර්තෘ සංසද සම්මාන උළෙල අඟහරුවාදා

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 32

ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය සම්මාන උළෙල 23 වැනි වරටරත් ලබන 13 වැනි අඟහරුවාදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වෙයි.

ගල්කිස්ස මහ හෝටලයේ එම්පයර් බෝල්රෑම් ශාලාවේදී සවස 5.00ට මාධ්‍ය සම්මාන උළෙල ආරම්භ වේ. විචිත්‍ර රැඟුම් ගැයුම් අංග රැසකින් සමන්විත මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයකු වන "සන්ඩේ අයිලන්ඩ්" පුවත්පතේ ප්‍රධාන කර්තෘ මණික් ද සිල්වා මහතාය.