2022 දෙසැම්බර් 11 වන ඉරිදා

අලුත් ආණ්ඩුකාරවරුන් හතරක්

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 48

දේශපාලන වාර්තාකරු I

මාස ගණනක් කල්ගත වෙමින් පැවති නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ඉදිරි සතියේ සිදුකෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

ඒ අනුව පත්කෙරෙන නව ආණ්ඩුකාරවරුන් ගණන 4කි. මෙම තනතුරු සඳහා තෝරාගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරුන් තිදෙනකු සහ හිටපු ආණ්ඩුකාරවරියක බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පවත්නා පළාත් සභා 9න් 4ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කෙරුණත් සෙසු පළාත් 5 ආණ්ඩුකාර තනතුරු කිසිවක් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇතිකරගෙන ඇති බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් නව ආණ්ඩුකාර පදවි ලබන්නන්ගේ නාමලේඛනය මෙතෙක් හෙළිදරව් වී නැත.