දේශපාලන වාර්තාකරු I
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සුළු පක්ෂ නියෝජිතයා පත් කිරිම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් ඇතිකර ගැනිමට පක්ෂ නායකයන් අපොහොසත් වී ඇති නිසා එම නියෝජිතයා පත් නොකර ලබන සතියේ ව්‍යවස්ථා සභාව ස්ථාපිත කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සුළු පක්ෂ නියෝජිතයකු තෝරාගැනීම සඳහා පැවති පක්ෂ නියෝජිත රැස්වීමේදී උදය ගම්මන්පිල සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුන්ගේ නම් එම තනතුර සඳහා යෝජනා වී තිබිණි. එහෙත් පවත්නා තනි පුරප්පාඩුව වෙනුවෙන් මේ දෙදෙනාගෙන් කෙනෙකු තෝරා ගැනීමට පක්ෂ නායකයන් අපොහොසත් වූහ. ව්‍යවස්ථාව අනුව මේ සඳහා සුළු පක්ෂ සාමාජිකයන් අතර ඡන්දයක් පැවැත්වීමට ප්‍රතිපාදන නැත. අදාළ සුළු පක්ෂ මන්ත්‍රීන්ගේ එකඟතාවෙන් සුදුස්සෙකු පත්කර ගතයුතු යැයි ව්‍යවස්ථාවේ දැක්වේ. එබැවින් එවන් එකඟතාවක් ඇතිකරගන්නට පක්ෂ නායකයන් අපොහොසත් වීම නිසා මෙම තත්ත්වය හටගැණින.