2022 දෙසැම්බර් 18 වන ඉරිදා

වැඩිවන විදුලි බිල ගෙවන්න එපා- ස.ජ.බ මහ ලේකම්

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 43

දේශපාලන වාර්තාකරු I

ජනවාරියේ සිට 30%කින් ඉහළ දමනු ලබන විදුලිය බිල්පත නොගෙවා එයට විරෝධය පළකරන මෙන් පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ මහලේකම් ‍රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය

ජනවාරි මසයේ 30%කින් වැඩි වීමට අමතරව වසර මැදදී නැවත වරක් විදුලි බිල වැඩිකිරීමටද වත්මන් රජය තීන්දු කර ඇතැයි වාර්තා වේ. ඒ සියලු මිල වැඩිකිරීම් ඉතා අසාධාරණ සහ අයුක්ති සහගත බැවින් ජනතාව සමඟ ඊට විරෝධය පලකරන බව ඒ මහතා කීය.

මාස කිහිපයකට පෙර විදුලි බිල වැඩිකිරීමෙන් පසුව දැනට ලාබ ලබන විදුලිබල මණ්ඩලයේ පැරණි පාඩු පියවා ගැනීම සඳහා රජය විසින් අසත්‍ය සහ වැරදි තොරතුරු සමාජ ගතකරමින් විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටී. මෙය සහමුලින්ම අසාධාරණ ක්‍රියාවක් බැවින් ඊට එරෙහිව කටයුතු කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.