දේශපාලන වාර්තාකරු I
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනෙකු පත් කර ගැනීම සඳහා පැවති පක්ෂනායක හමුවේදී යෝජිත නම් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගන්නට නොහැකිවීම නිසා ව්‍යවස්ථා සභාව පත් කිරීම ලබන මාසයට කල්යනු ඇතැයි දේශයට වාර්තා වෙයි.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනෙකු තෝරා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ අගමැතිවරයා කතානායකවරයා සහ විපක්ෂ නායකවරයාටය.
එම තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීම පිණිස අයදුම්පත් කැඳවන ලද අතර එම අයැදුම්පත් ඉදිරිපත් කළ අය අතරින් වෛද්‍ය අනුලා විජේසුන්දර ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, කුමාර් නඩේසන්, සුගන්දි කදිරගාමර් සහ ආචාර්ය එස්. ධර්මරත්න යන අයගේ නම් මෙම තනතුරු තුන සඳහා සලකා බැලිනි. එහෙත් ඇතැම් නම් සඳහා අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකවරයාට එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීම නිසා නැවතත් මෙම සාකච්ඡාව ලබන 29දාට කල් දමා ඇත.
සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාට අමතරව ව්‍යවස්ථා සභාවේ සුළු පක්ෂ නියෝජිතයා තෝරා ගැනීමට පැවති පක්ෂනායක හමුවේදී ද ඉදිරිපත් වූ නම් සඳහා එකඟතාවන් ඇතිකර ගන්නට අසමත් වීම නිසා එම පත්වීම සිදු කිරීමටද මෙතෙක් හැකි වී නැත.