2022 දෙසැම්බර් 25 වන ඉරිදා

මත්ද්‍රව්‍ය නිවාරණයට දරුවන් ගාවගන්න එපා- පොලිස්පති

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 20

ආරක්ෂක වාර්තාකරු l

පාසල් දරුවන්ට අගතියක් සිදුවන ආකාරයට පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්‍රමුඛ සියලු පොලිස් නිලධාරීන්ට ලිඛිතවම උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

කිසිසේත්ම විශ්වාසදායී තොරතුරු නොමැතිව පාසල් දරුවන්ගේ බෑග් සෝදිසි කිරීම සාධාරණ නොවන බව පොලිස්පතිවරයා සඳහන් කර තිබේ. 

යම් පාසලක දරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු කරගත් තොරතුරු මත පමණක් පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු යැයිද පොලිස්පතිවරයාගේ ලිඛිත උපදේශයෙහි සඳහන් බව වැඩිදුරටත් වාර්තා වෙයි.

තහවුරු කරගත් තොරතුරු මත එවන් සෝදිසි කිරීමක් සිදු කරන්නේ නම් එය ප්‍රසිද්ධියේ සිදු නොකළ යුතු අතර, එවන් අවස්ථා ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝගත කිරීමට අවසර නොදිය යුතු යැයිද පොලිස්පතිවරයා සිය ජ්‍යෙෂ්ඨ නිලධරයන්ට දැනුම් දී තිබේ.