2022 දෙසැම්බර් 25 වන ඉරිදා

වරාය නගරයේ පදිංචියට අසූදාහක් ?

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:02 461

දේශපාලන වාර්තාකරු l

කොළඹ වරාය නගරයේ අලුතින් 80,000ක් (අසූ දහසක්) පමණ පදිංචි වනු ඇතැයි පෝර්ට් සිටි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.මෙහි තට්ටු නිවාස සංකීර්ණවල පදිංචිය සඳහා ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද අවස්ථාව සැලසේ.

පෝර්ට් සිටියේ තට්ටු නිවාසවල පදිංචිය සඳහා පැමිණෙන විදේශිකයන් සඳහා වසර 10ක නේවාසික වීසා බලපත්‍ර ද ලබා දීමට රජය දැනටමත් තීන්දු කර ඇත. එසේම නම් සඳහන් නොකළ තවත් ආයෝජන විශේෂඥයෙක් සඳහන් කළේ පෝර්ට් සිටියේ පදිංචි වන ජනගහනය සලකා බලා අනාගතයේදී පොර්ට් සිටිය සඳහා නව මැතිවරණ බල ප්‍රදේශයක් පවා නිර්මාණය විය හැකි බවත්ය.