2022 දෙසැම්බර් 25 වන ඉරිදා

වෛද්‍ය සංගමයෙන් කළු විරෝධතා සතියක්

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:01 124

චමිඳු නිසල් ද සිල්වා l

උපයන විට ගෙවීමේ බද්ද ඉහළ දැමීමට එරෙහිව ජනවාරි මාසයේ වැටුප් ලැබෙන සතිය "කළු විරෝධතා සතිය" ලෙස නම් කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දේශයට පැවසීය.

උපයන විට ගෙවීමේ නව බදු ප්‍රතිශතය පළමු වරට අය වනුයේ ජනවාරි මාසේ වැටුපෙනි. ඒ හේතුවෙන් වෘත්තිකයන්ගේ පෙරමුණක් ලෙස සංවිධානය වී කළු විරෝධතා සතිය පැවැත්වීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය. නව බදු ප්‍රතිපත්තියේ සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධ යෝජනා රජය විසින් නොසලකා හැරීම මත මෙම තීරණයට එළැඹි බව ඔහු සඳහන් කළේය.

ඊට අමතරව නව බදු සංශෝධනයන්ට විරෝධය දක්වමින් ජනවාරි දෙවැනි සතියේදී වෛද්‍යවරැන් 20,000කගේ අත්සනින් යුතු සංදේශයක් ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බවද චමිල් විජයසිංහ මහතා පැවසීය. මෙම බදු ප්‍රතිපත්තීන් නැවත හැරවීම සඳහා විරෝධතා මාලාවක් ඉදිරි මාසය කිහිපය පුරාවට සංවිධානය කර ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා තවදුරටත් පැවසීය.