ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා l
2022 වසරේ ජූලි - සැප්තැම්බර් කාලය තුළ (තුන්වැනි කාර්තුවේ) මෙරට කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත අංශයේ කඩා වැටීමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා ජන ෙල්ඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
එම වාර්තාව අනුව කර්මාන්ත අංශය 21.2%කින්ද කෘෂිකර්මාන්තය 8.7%කින්ද සේවා අංශය 2.6%කින්ද පසුබෑමට ලක්ව තිබේ.
කර්මාන්ත අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය 33%කින් කඩා වැටීමට ලක්ව ඇති අතර කෘෂි අංශයේ වී වගාව, තේ වගාව සහ සත්ව නිෂ්පාදන 20% පහත වැටී ඇත.
එහෙත් රෙදිපිළි, නිමිඇඳුම් සහ සම්භාණ්ඩ නිෂ්පාදනවලින් 9.3%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2022 එම කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,884,018ක් වන අතර එය පසුගිය වසරේ එම කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා 11.8% පහත වැටීමක් බවද එම වාර්තාව සඳහන් කරයි.