ගයාන් ගාල්ලගේ l
ජනශක්ති ව්‍යාපාරයේ අධිපතිව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ඍජු අධීක්ෂණයට ගෙන තිබේ.
මින් ඉදිරියට එම ඝාතනය සම්බන්ධයෙන් වූ පරීක්ෂණවල ප්‍රගතිය තමන්ට දන්වන ලෙසටද පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් රහස් පොලිසියට දැනුම් දී ඇත. මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේය.
එසේම මින් ඉදිරියට මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි මත පදනම්ව සිදු කරගෙන යාමට තීරණය කර තිබේ. දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, ලිපි ආදී සියල්ල තාක්ෂණික සහය ලබාගැනීමට රහස් පොලිසියට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ.