දේශපාලන වාර්තාකරු l
රජය ඉතාමත් අසාධාරණ ලෙස විදුලිය බිල වැඩි කිරීමට එරෙහිව ඇතිවන ජනතා සටනට නායකත්වය දීමට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.
පසුගිය අගෝස්තු මාසයේ විශාල ප්‍රතිශතයකින් විදුලිය බිල්පත ඉහළ නංවා සමාජයට වැරදි දත්ත ඉදිරිපත් කරමින් මෙම ජනවාරි මාසයේදී නැවතත් විදුලිය ගාස්තු වැඩි කිරීම බලවත් අසාධාරණයක් බවද ජනතාව එදා වේල සොයාගත නොහැකිව සිටියදී මෙලෙස විදුලිය ගාස්තුවත් 65% කින් ඉහළ නැංවීමට එරෙහිව ජනතාව ගෙන යන සටනට නායකත්වය දීමට ස.ජ.බ තීරණය කළේ මෙය බලවත් අකටයුත්තක් නිසා බවද මහලේකම්වරයා අවධාරණය කළේය.