දේශපාලන වාර්තාකරුl
පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීන් ගණනාවක් පොහොට්ටුවේ සාමාජිකත්වයේ එලෙසම සිටිමින් ආණ්ඩුවෙන් ස්වාධීන වීමට සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.මේ පිළිබඳව දැනටමත් විමලවීර දිසානායක හා ජගත් කුමාර යන මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ සිය අදහස් දක්වා ඇත. ඔවුන් පවසන්නේ තවත් මන්ත්‍රීන් පිරිසක්ද තමන් සමඟ එක්වන බවය
පවත්නා ආර්ථික අර්බුදයට අපේක්ෂිත විසඳුම් ලබාදීම වෙනුවට පවත්නා ප්‍රශ්න තව තවත් සංකීර්ණ කෙරෙන තීන්දු රජය විසින් ගන්නා බැවින් මෙම තීරණය ගැනීමට සිදුවන බව එම මන්ත්‍රීවරු ප්‍රකාශ කරති.