යසවර්ධන රුද්රිගු l
පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමත කාර්ය මණඩලයට අනුව එහි විධායක අධ්‍යක්ෂ යනුවෙන් තනතුරක් නොමැති නමුත් දැන් එහි එවැනි තනතුරක අධ්‍යක්ෂවරයකු සිටින බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ගුණවර්ධන පැවසීය.
ඇය දේශය පුවත්පතට පැවසුවේ එම අධ්‍යක්ෂවරයාට මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක්ද වාහනයක් සමඟ, මාසිකව තෙල් ලීටර් 135 බැගින්ද ලබාදෙන බවය. මෙයට පෙරද තුෂාන් ගුණවර්ධන නමැති විධායක අධ්‍යක්ෂකවරයකු පත්කර සිටි අතර, විධායක අධ්‍යක්ෂ යන තනතුරක් නොමැතිවීම හේතුවෙන් ඔහු සේවයෙන් ඉවත්කර තිබේ. එහෙත් ඊට පසු යළිත් විධායක අධ්‍යක්ෂවරයෙක් පත්කරනු ලැබ සිටී.
අධිකාරියේ තවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනකු සිටින අතර ඔවුන්ට මාසිකව රුපියල් 80,000ක දීමනාවක්, වාහනයක් සහ තෙල් ලීටර් 135ක් බැගින්ද සපයන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. මේ සියලු පත්වීම් දේශපාලන පත්වීම් වන අතර මෙම අධ්‍යක්ෂවරුන්ට කිසිදු වෘත්තීය සිදුසුකමක් හෝ අලෙවිකරණය පිළිබඳ පළපුරුද්දක් හෝ නොමැති අතර අවම වශයෙන් කාර්යාල කටයුතු ගැන දැනුමක් හෝ නොමැති බවද ඇය සඳහන් කළාය.
මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ගන්නා ඇතැම් තීරණ නිසා බොහෝ කටයුතු අවුල් වී ඇති බවත් සඳහන් වෙයි. ඔවුන් නිලධාරීන් පුහුණු කිරීම සහ කාර්යාල කටයුතු විධිමත් කිරීම ආදියට බාධා පමුණුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කීවාය.