2023 ජනවාරි 01 වන ඉරිදා

අරගලකරුවෝත් පුංචි ඡන්දයට

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 44

ගයාන් ගාල්ලගේ l

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ගෝල්ෆේස් අරගලකරුවන් කණ්ඩායම් කිහිපයක් නව පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ප්‍රධාන නගරවල නගර සභා සහ ප්‍රාදේශීය සභා වෙත තරග කිරීමට තීරණය කර තිබේ. 
කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, රත්නපුර ආදී දිස්ත්‍රික්ක සඳහා මෙම ගෝල්ෆේස් අරගලකරුවන් තරග කිරීමට තීරණය කර ඇත.

දැනටමත් නාමයෝජනා ලැයිස්තු සකසමින් සිටින අතර ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් තරුණ තරුණියන්ට නාමයෝජනා ලබා දීමටත් එම කණ්ඩායම් සූදානම් කර තිබේ.