2023 ජනවාරි 01 වන ඉරිදා

නව සන්ධානයකට පක්ෂ 03ක් එක්වෙයි

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 59

දේශපාලන වාර්තාකරු l

ඉදිරි පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ තුනක් නව සන්ධානයක් පිහිටුවීම සඳහා මූලික එකඟතාවක් ඇතිකරගෙන තිබෙන බව දේශයට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජාතික සභාව යන පක්ෂ නව සන්ධානයට එක්වනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. නව සන්ධානය සඳහා තනි නායකයෙක් පත් නොකර නායකත්ව මණ්ඩලයක් මගින් එහි කළමනාකරණ කටයුතු මෙහෙයවීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මෙම ප්‍රධාන කණ්ඩායම් තුනට අමතරව තවත් කණ්ඩායම් කිහිපයක් තම සන්ධානයට එක්වීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නැතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.