දේශපාලන වාර්තාකරු I
දේශපාලන පක්ෂ සම්බන්ධ නියාමන කටයුතු කිරීමට විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය සිකුරාදා (06) පුවත්පත් කතුවරුන් සමඟ පැවැත්වූ විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පත්කෙරෙන මෙම කොමිෂන් සභාව මගින් දේශපාලන පක්ෂ ලියාපදිංචියේ සිට එම පක්ෂ ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කර අවශ්‍ය මගපෙන්වීම සිදු කරනු ඇත. ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක මෙබඳු නියාමන ආයතන විසින් දේශපාලන පක්ෂවල කටයුතු අධීක්ෂණය කරනු ලැබේ. ඒ ආදර්ශය අනුව මෙම කොමිෂන් සභාවද ක්‍රියා කරනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.