දේශපාලන වාර්තාකරු l
පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත පරිදි පෙබරවාරි මස 28 දිනට රජයට ලබා දීමේ හැකියාවක් නැතැයි එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය. දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 8911 පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු යැයි රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව සීමා නිර්ණය කමිටුව පත් කෙරිණි.
එහි අවසන් වාර්තාව ලබන පෙබරවාරි 28 දිනට ලබාදිය යුතු යැයි රජය නියම කර තිබිණි. එහෙත් පවත්නා ප්‍රායෝගික ගැටලු ගණනාවක් නිසා අදාළ වාර්තාව නියමිත දිනට හමාර කළ නොහැකි වන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් 4 දෙනකු පසුගිය 01දා විශ්‍රාම ලැබීම, තවත් තේරීම් භාර නිලධාරීන් 3 දෙනකු උසස්වීම් ලබා ඉවත්ව යාම, මෙම කමිටුවට සහාය වූ සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනකු ස්ථාන මාරු කිරීම, සිතියම් සකස් කිරීම භාර ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු නිලධාරීන් 4 දෙනකු විශ්‍රාම යාම හා 3 දෙනකු ස්ථාන මාරු කිරීම, සීමා නිර්ණයේ කටයුතුවලට සහාය දුන් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සියලු දෙනා ඡන්ද රාජකාරි සඳහා යොමුවීම, භාෂා පරිවර්තන කටයුතු භාර නිලධාරීන් ප්‍රමාණවත් නොවීම යන හේතු නිසා සීමා නිර්ණය අවසන් වාර්තාව පෙබරවාරි 28 දිනට සැපයීම කිසිසේත්ම කළ නොහැකි යැයි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.