දේශපාලන වාර්තාකරු I
සෑහෙන ප්‍රතිශතයකින් විදුලිය බිල ඉහළ දැමීම ගැන නැවතත් සලකා බලන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. ගතවූ කාලය පුරාම වැඩි වූ බදු සහ ගාස්තු නිසා ජනතාව සෑහෙන පීඩාවකට පත්ව සිටියි.
එවන් පසුබිමක පසුගිය අගෝස්තු මාසයේ විදුලිය බිල 76% කින් පමණ ඉහළ දමා තිබියදී නැවතත් විදුලිය බිල නැංවීම මෙරට සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවටද අහිතකර ලෙස බලපාන බැවින් තමන් රජයෙන් මෙම ඉල්ලීම සිදු කරන බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.