2023 ජනවාරි 08 වන ඉරිදා

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩුවක්!

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 55

අධිකරණ වාර්තාකරු I

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ලබන සතියේ විශ්‍රාම ලැබීමට නියමිතය. මහේස්ත්‍රාත්වරයකු ලෙස අධිකරණ සේවයට එක්වූ දෙහිදෙණිය මහතා දශක තුනකට කාලයක් විනිසුරුවරයකු ලෙස සේවය කර ඇත.

දෙහිදෙණිය මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ නම නිර්දේශ කර තිබේ. ඒ අතර නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් අතිරේක සොලිසෙටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මියගේ නාමයෝජනාව ඉදිරිපත් කර තිබේ. නාමයෝජනා දෙකෙන් සුදුස්සකු තෝරාගැනීම සඳහා ජනාධිපතිතුමාගේ නිර්දේශය අනුව ව්‍යවස්ථා සභාව ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.