2023 ජනවාරි 08 වන ඉරිදා

ඡන්දෙ කරන්න සල්ලි නැත්නම් පුළුවන් අයට රට බාරදෙන්න- පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 42

ගයාන් ගාල්ලගේ I

මැතිවරණය තබන්නට ආණ්ඩුවට මුදල් නැතිනම් රට තවත් බංකලොත් නොකර ආණ්ඩුව අත්හැර දමා කරන්න පුළුවන් අයට බාර දිය යුතු යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා නීතීඥයකු නිසා මැතිවරණය කල් දැමීමට නොහැකි බව හොඳටම දන්න බවත් ඒ නිසා කිසිදු විටෙක මැතිවරණය කල් නොදාන බවට තමන් විශ්වාස කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට පවතින නීතිමය තත්ත්වය අනුව මැතිවරණය කිසිදු විටෙක කල් දැමීමට නොහැකි බවද හෙතෙම පැවසීය.