2023 ජනවාරි 08 වන ඉරිදා

මේ වසරේ ලංවිම අලාභය බිලියන 122යි

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 63

දේශපාලන වාර්තාකරුI

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ රුපියල් බිලියන 122ක පමණ අලාභයක් ලබන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන වසරේදී මෙම අලාභය රුපියල් බිලියන 283ක් දක්වා ඉහළ යනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

 

මේ ආකාරයට දිගින් දිගටම මෙහෙයුම් අලාභ ලැබීම නිසා විදුලිය ගාස්තු සංශෝධනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද රජයට දැනුම් දී ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව විදුලිය ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කළ බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.