දේශපාලන වාර්තාකරු l
රියැදුරන්ට අදාළව ජනවාරි මස 01දා සිට ක්‍රියාත්මක වන නව නීතිය අනුව මහාමාර්ගයේ සිදුකරන වැරදිවලට රියැදුරු බලපත්‍රයේ ලකුණු කපාහැරීමක් සිදුකෙරේ. රියදුරන් සිදුකරන වැරදි 32ක් වෙනුවෙන් මෙලෙස ලකුණු කැපීම සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස එක් රියැදුරකුගේ බලපත්‍රයකින් ලකුණ 24ක් කැපී ගිය විට එම බලපත්‍රය අහෝසි වන බවද වාර්තා වෙයි.
කිසියම් රියැදුරෙක් මාර්ග අනතුරක් සිදුකර නොනවත්වා රිය ධාවනය කළහොත් ඔහුගේ බලපත්‍රයෙන් ලකුණු 10ක් කපා හැරීමට පොලීසියට බලය ඇත. එසේම 150කට වැඩි වේගයෙන් රිය ධාවනය කළහොත් ලකුණු 8ක් කැපේ. එසේම රක්ෂණ සහතිකය නොමැතිව අපරික්ෂාකාරී ලෙස රිය ධාවය කළහොත් ලකුණු 6ක් කපා හැරේ. මේ ආකාරයට ලකුණු කැපෙන ආකාරය දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. 2018 අංක 18 දරන මෝටර් රථවාහන ආඥා පනත අනුව මෙලෙස රියැදුරු බලපත්‍රවලින් ලකුණු කපාහැරීම සිදුකෙරේ.