ආරක්ෂක වාර්තාකරු I
යෝජිත පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක වියදම් පසුගිය මැතිවරණවලට වඩා තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇත. ඊට අදාළ ලිඛිත ඉල්ලීම ඉදිරි සතියේදී පමණ මැතිවරණ කොමිසම වෙත යොමුකෙරෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ඉන්ධන වියදම ඉහළ යාම, වාහන කුලී සඳහා වන ගෙවීම් වැඩිවීම සහ තාවකාලිකව ආරක්ෂක අංශවල සහායකයන් ලෙස බඳවා ගන්නා කම්කරුවන්ගේ කුලිය ඉහළ යාම ආදී හේතු නිසා ආරක්ෂක වියදම් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඒ සමඟ මැතිවරණයේ ආරක්ෂක කටයුතු මෙහෙයවීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පත් කර තිබේ.