2023 ජනවාරි 15 වන ඉරිදා

කුඩු මඩින්න අලුත් ඕ.අයි.සී ලාට මාස 06ක් දෙයි

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 42

ගයාන් ගාල්ලගේ I

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත අලුතින් පත් කරන ලද ස්ථානාධිපතිවරැ සඳහා මාස හයක මත්ද්‍රව්‍ය නිවාරණ ඉලක්කයක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීම සහ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු වැඩ කටයුතු සිදු කරන ලෙසට දැනුම් දී තිබේ.

එසේ වැඩ කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට මාරුවීම් ලබා දීමටද තීන්දු කර ඇත.