2023 ජනවාරි 15 වන ඉරිදා

අලුත් ආණ්ඩුකාර තනතුරු දීම නිදහස් සැමරුමෙන් පසු

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 41

දේශපාලන වාර්තාකරු I

ලබන නිදහස් උත්සවය හමාරවීමත් සමඟ පළාත් ආණ්ඩුකාරවරුන් 4 දෙනෙක් අලුතෙන් පත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙයට පෙර එම පත්වීම් සිදු කිරීමට රජය අපේක්ෂා කළත් දැනට සේවය කරන ආණ්ඩුකාරවරුන් ගණනාවක් තමන්ට 75 වැනි නිදහස් සමරුව දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ආණ්ඩුකාර මාරුව තාවකාලිකව කල් දැමිණි

අප වෙත ලැබී තිබෙන විශ්වාසදායී තොරතුරු අනුව වයඹ, බස්නාහිර, සබරගමුව හා නැගෙනහිර පළාත් සඳහා පමණක් මුලින් නව ආණ්ඩුකාරවරුන් 4 දෙනෙක් පත් කෙරෙති. පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවීමෙන් පසු පත් කළ යුතු ආණ්ඩුකාරවරුන් ගැන තීරණයක් ගත් බවද වාර්තා වෙයි. එම යෝජිත නම් අතර දැනට සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන එක් නමක් හැර සෙසු නම් කිසිවක් නොමැති බවද වාර්තා වෙයි.