2023 ජනවාරි 15 වන ඉරිදා

නව පක්ෂ ස්වාධීන පිල් තරුණ පෙළට දොර අරියි

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 40

ගයාන් ගාල්ලගේ I

ප්‍රධාන පක්ෂ කිහිපයක් සන්ධාන ගතවීමට තීරණය කිරීමත් සමඟ ඊට එරෙහිව තරුණ කණ්ඩායම් රැසක් පළාත් පාලන ආයතන සඳහා නව පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් තරග වැදීමට තීරණය කර තිබේ. 

විශේෂයෙන් ගිය වර පළාත් පාලන ඡන්දය සඳහා විවිධ පක්ෂවලින් තේරීපත් වූ සභිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද ස්වාධීනව තරග කිරීමට තීරණය කර තිබේ.

 

ඊට හේතු වී ඇත්තේ පසුගිය අරගලය හරහා පවත්නා දේශපාලන සංස්කෘතියට එරෙහිව හටගත් විරෝධය බව සඳහන් වේ. දැනටමත් රටේ ප්‍රධාන දිස්ත්‍රික් කිහිපයකම ස්වාධීන සහ නව පක්ෂ වැඩ කටයුතු ආරම්භ කර ඇත.