2023 ජනවාරි 22 වන ඉරිදා

රජයේ රෝහල්වලට රෝගීන් වැඩි වෙයි

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 29

ගයාන් ගාල්ලගේI

රජයේ රෝහල් සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.

පෞද්ගලික        අංශයේ ඖෂධ සහ ප්‍රතිකාරවල මිල ගණන් වැඩි වී ඇති නිසා පසුගිය කාලයේ පෞද්ගලික අංශය වෙත යොමුවුණු ජනතාවත් මේ වනවිට රජයේ රෝහල්වලට යොමු වී ඇති බව හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන් රසායනාගාර පරීක්ෂණ සඳහා පැමිණෙන්නන්ගේ සෑහෙන වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

මේ හේතුවෙන් රජයේ රෝහල් වෙත ලබා දෙන ඖෂධ ප්‍රමාණය දිනෙන් දින අඩුවන බවත් කෙතරම් ඖෂධ අඩුව පුරවා දැම්මත් ජනතාව දිනෙන් දින රජයේ රෝහල් වෙත යොමුවෙන නිසා එම ඖෂධ හිඟය පියවීම තරමක් අසීරු බවත් හෙතෙම වැඩිදුරටත් කීය. දැනට ඖෂධ වර්ග 100ක පමණ අඩුවක් දකින්නට ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.