2023 ජනවාරි 22 වන ඉරිදා

කොළඹ ඇතුළු පුංචි ආණ්ඩු රැසකට අලි- පොහොට්ටු හවුල

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 38

දේශපාලන වාර්තාකරු I

පොහොට්ටුව සහ එ.ජා.පය අතර ඇතිකරගත් දේශපාලන එකඟතාව නිසා කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක්  සඳහා දෙපක්ෂය එක්ව තරග කිරීමට තීරණය කර තිබේ. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කොළොන්නාව, මහනුවර, ගම්පහ, මීගමුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කළුතර, හා නුවරඑළිය මහ නගර සභාවල බහුතර අපේක්ෂකයන් එ.ජා.පයෙන් ඉදිරිපත් කෙරේ.

වත්තල, මාබෝල, බේරුවල, වැලිගම, ජාඇළ, ගම්පොළ, කුලියාපිටිය, නගර සභාවලටද එ.ජා.පය බහුතර අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් කරනු ඇත. සෙසු මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සියල්ලේම බහුතර අපේක්ෂකයන් පොහොට්ටුවෙන් ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ බහුතර සභා, සඳහා  ජීවන් තොණ්ඩමන් මහතාගේ කණ්ඩායමද මෙම අපේක්ෂක ලැයිස්තුවලට ඇතුළත් වන බව සඳහන්ය.

ඇතැම් දිස්ත්‍රික්කවල අලියා ලකුණින්ද තවත් දිස්ත්‍රික්කවල හංසයා ලකුණින්ද තවත් දිස්ත්‍රික්ක ගණනාවක වී කරල ලකුණින්ද එ.ජා.ප - පොහොට්ටු සන්ධානය තරග වදින බව වාර්තා වෙයි.