2023 ජනවාරි 29 වන ඉරිදා

මැතිසබේ කොමිටි 69ක් අහෝසියි, කෝප් - කෝපාත් ඒ අතර

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 45

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ මෙතෙක් එහි ක්‍රියාත්මක වූ විවිධ කමිටු 74කින් 69ක්ම අහෝසි වූ බව වාර්තා වෙයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් සම්මත කර ගැනීම, රජයේ ආරක්ෂක අංශය භාරයට ගත් උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම යන ප්‍රධාන කරුණු මෙලෙස තීන්දු ගත යුතු කාරණා ලෙස ප්‍රකාශ විය.

එහෙත් මෙම කරුණු සම්බන්ධයෙන් සර්ව පාක්ෂික සමුළුවේදී බරපතළ විවාදයක් හටගැනුණි. සරත් වීරසේකර, අතුරලියේ රතන හිමි, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ ගෙවිඳු කුමාරණතුංග ඇතුළු පිරිසක් ඊට දැඩි ලෙස විරෝධය පළ කළහ. නමුත් රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, එම්.ඒ. සුමන්තිරන් හා සී.වී. විග්නේෂ්වරන් යන මන්ත්‍රීවරු ඊට පක්ෂව මත දැක්වූහ.

කෙසේ වෙතත් මෙවර සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස් ජනතා සභාව ඇතුළු ප්‍රධාන පක්ෂ ගණනාවක් සහභාගී නොවීය. ජනාධිපතිවරයා සමඟ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන පොහොට්ටුව මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පක්ෂ නායකයන් රැසක් සමුළුවට එක්වූහ.