2023 පෙබරවාරි 05 වන ඉරිදා

කරු ජයසූරියට උසස්ම ජාතික සම්මානය

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 66

දේශපාලන වාර්තාකරු I

හිටපු කතානායකවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන දේශබන්දු කරු ජයසූරිය මහතාට ශ්‍රී ලාංකිකයකුට හිමිවන උසස්ම ජාතික සම්මානය වන "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය පිරිනැමෙයි. 75 වැනි නිදහස් දිනයට සමගාමීව මෙම සම්මානය ජයසූරිය මහතාට ප්‍රදානය කළ යුතු බවට වූ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

මෙයට පෙර ඉතාමත් සීමිත ශ්‍රී ලාංකික පුරවැසියන් පිරිසකට මෙකී උසස්ම ජාතික සම්මානය ප්‍රදානය කෙරිණි. හිටපු ජනාධිපතිවරුන් වන ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්, ජාත්‍යන්තර අධිකරණයේ හිටපු විනිසුරු ක්‍රිස්ටි වීරමන්ත්‍රී, සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, විද්‍යාඥ ආතර්.සී. ක්ලාක් යන මහත්වරු මෙයට පෙර ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානයෙන් පුද ලද ශ්‍රී ලාංකිකයෝ වෙති.