ගයාන් ගාල්ලගේ I
තවමත් පළාත් පාලන ආයතන විසුරැවා නොමැති නිසා එම ආයතනවල බලය හිමි පිරිස් රාජ්‍ය දේපළ අවභාවිත කරනවාද යන්නත් තම බලය යොදා ආයතනික මුදල් ඡන්ද ප්‍රචාරණය සඳහා යොදනවාද යන්නත් සොයා බලන ලෙසට මැතිවරණ කොමිසම විසින් අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇතැයි එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය.
සහකාර මැතිවරණ කොමසාරිස්වරැන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරැන්, පළාත් පාලන ආයතනවල ලේකම්වරැන් සහ කොමසාරිස්වරැන්ට මේ බව දන්වා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන විසිරෙන තෙක් එහි බලය හිමි කණ්ඩායම් වෙත ජනතාවගෙන් ලැබෙන බදු ආදායම්වලින් ජනතාවට සේවා සැපයීමට බලයක් තිබෙන බවත්, එහෙත් එය ඡන්දයට එක් පැත්තකින් බාධාවක් බවත් හෙතෙම පැවසීය. කෙසේ වෙතත් එම පළාත් පාලන ආයතනවලට එලෙස ක්‍රියා නොකරන ලෙසට දැනුම් දී ඇතැයි ද ඒ මහතා කීය.
පළාත් පාලන ආයතන විසුරැවා හැරීමේ බලය ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාට යැයි සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.