2023 පෙබරවාරි 05 වන ඉරිදා

නව දේශපාලන පක්ෂයක් හදන්න තානාපති තල්ලුවක්

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 79

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකාවේ පිහිටි එක්තරා විදේශ තානාපති කාර්යාලයක් විසින් නව දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීම සඳහා අනුග්‍රහය දැක්වීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ තොරතුරක් හුවමාරු වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ නැ‍ඟෙනහිර පළාත ආශ්‍රිතව පිහිටුවෙතැයි අපේක්ෂා කරන මෙම පක්ෂය දැනට එහි ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ කිහිපයකට විකල්පයක් ලෙස සංවිධානය කෙරෙනු ඇතැයි ද වාර්තා වෙයි.

මේ සඳහා අනුග්‍රහය දක්වන තානාපති කාර්යාලය පසුගියදා එම පළාතේ එක්තරා ගෞරවාන්විත තනතුරක් දරන දැනට දේශපාලනයට සම්බන්ධ නැති තරුණ නායකයකු සමඟ මේ ගැන මූලික සාකච්ඡාවක් පවත්වා ඇති වග ද සඳහන්ය.