ගයාන් ගාල්ලගේI
අද මැතිවරණ ඉල්ලා බලයට පොරකන කණ්ඩායම්වලට රට ගොඩනඟන ආර්ථික වැඩ පිළිවෙළක් නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතා දේශයට පැවසීය.
මෙවර මැතිවරණය තිබීම ගැන තමන් සතුටු වන බවත් එවිට කයිවාරු ගසන්නන්ගේ තත්ත්වය ප්රදර්ශනය වන බවත් හෙතෙම සඳහන් කළේය.
රට ගොඩනගන හරි වැඩපිළිවෙලක් ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුවට විපක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහයෝගය දීමට තමන් එකඟ බවද ඒ මහතා පැවසීය.