ගයාන් ගාල්ලගේI
වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුතු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කිරීමට නොහැකි නම් ජනතාවට කැමැති තීන්දුවක් ගැනීමට අයිතිය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා දේශයට පැවසීය.
තමන් කිසිදු විටෙක මැතිවරණය පවත්වනවාට විරුද්ධ නැති බවත් එය ජනතාවගේ අයිතියක් බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැති බැවින් ආණ්ඩුව ගැන බලාපොරොත්තු තබාගත නොහැකි යැයි ඔහු වැඩිදුරටත් කීය.