ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI
2022 දී 3.4% ක් ලෙස ඇස්තමේන්තු කළ 2023 ලෝක ආර්ථික වර්ධනය 2.9% දක්වා පහත වැටෙනු ඇතැයි ද 2024 දී යළි 3.1% දක්වා වර්ධනය වනු ඇතැයි ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් නිකුත් කර ඇති ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම යාවත්කාලීන ව්‍යාපෘති වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
එම ප්‍රතිශතය 2023 වසර සඳහා 2022 ඔක්තෝබර් මාසයේ පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා 0.2% ක වැඩිවීමකි. කෙසේ නමුදු එය පෙර පැවැති 3.8% සාමාන්‍යයට වඩා අඩු ප්‍රතිශතයකි. ඉහළ යන පොලී අනුපාතික සහ යුක්රේන යුද්ධය ආර්ථික ක්‍රියාවලියට බලපෑමක් එල්ල කර තිබේ. කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ චීනයේ මෑතකාලීන ආර්ථික ප්‍රවේශය ද ආර්ථිකය ඉහළ නැංවීමට මග සලසා තිබේ. 2022 වසරේ 8.8% සාමාන්‍යයක පැවති ගෝලීය ආර්ථික උද්ධමනය 2023 දී 6.6% දක්වා සහ 2024, 4.3% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කර තිබිණි.
චීනයේ කොවිඩ් ව්‍යාප්තිය යළි හිස ඔසවමින් තිබෙන හෙයින් එහි ආර්ථිකයට යළි බලපෑමක් එල්ල විය හැකි වන අතර රැසියානු යුක්රේන යුද්ධය ද උත්සන්න විය හැකි බවද දැඩි ගෝලීය මුල්‍ය පිරිවැය, ණය පීඩාව වැඩි කරනු ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.