2023 පෙබරවාරි 12 වන ඉරිදා

මාර්ග නඩත්තුවට තෙල් බද්දෙන් කොටසක්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:01 88

සංජීවිකා සමරතුංග I

දිවයිනේ මාර්ග නඩත්තුව සඳහා මාර්ග සංවර්ධන හා නඩත්තු අරමුදලක් ආරම්භ කෙරේ. ඊට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස පෙට්‍රල් සහ ඩීසල් ආදී ඉන්ධනවලින් අය කරන බදු මුදලින් කොටසක් වෙන් කෙරෙනු ඇතැයි ජනමාධ්‍ය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට කීය.

මෙය පසුගිය අයවැයෙහි ඇතුළත් වූ යෝජනාවකි. මාර්ග සංවර්ධන හා නඩත්තු අරමුදල සඳහා ආරම්භක වශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 100ක් (කෝටි 10ක්) දැනටමත් වෙන්කර ඇත. දිවයිනේ මාර්ග නඩත්තුව සඳහා වසරකට අමාත්‍යංශය වැය කරන මුදල රුපියල් කෝටි 800ත් 1000ත් අතර වේ